හෙට දින ලෝකය ජය ගන්නට වෙර දරන සිසු දරුවන්ගේ පරිගණක තාක්ෂණික දැනුම සහ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීමේ උදාර අරමුණින්, අද දින (2020.09.15) පැල්පිට කණිෂ්ඨ විද්‍යාලය වෙත නවීන පරිගණකයක් පරිත්‍යාග කරනු ලැබීය.
මෙම සත්ක්‍රියාව “හෙයෝන්” ආයතනයේ කළමණාකාරතුමා වන භාතිය විජේරත්න මැතිතුමාගේ සුරතින් සිසු අයිතියට පත් කෙරුණු අතර, ඉදිරියේ දී තවත් පරිගණක කිහිපයක් පාසල වෙත ලබා දීමට ද එතුමා මෙහිදී පොරොන්දු විය.
මෙම අගනා පරිත්‍යාගය තුළින් අපේ දරු දැරියන්ගේ පරිගණක හැකියාවන් තව තවත් ඔප්නැංවී, ඔවුන්ට තාක්ෂණික ලෝකයේ නව මංපෙත් විවර කර ගැනීමට ශක්තියක්ම වේවා යැයි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🙏🌟


No Responses