Heyon Institute අප ආයතනය අභිමානයෙන් යුතුව ‘DiGiSavi’ වැඩසටහන සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාව ඩිජිටල් ලෙස සවිබල ගැන්වීම සඳහා FOUNDATION.LK මගින් 2026 මාර්තු 24 වන දින නිල වශයෙන් දියත් කරන ලද ‘DiGiSavi’ වැඩසටහන සමඟ Heyon Institute අප ආයතනය අභිමානයෙන් යුතුව අත්වැල් බැඳගත් බව ඉතා සතුටින් දන්වා සිටිමු.

මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා අප ආයතනය, ප්‍රදේශයේ ප්‍රජාව සවිබල ගන්වන ඩිජිටල් මධ්‍යස්ථානයක් (Digital Hub) බවට දැන් පත්වී තිබේ. ඩිජිටල් පරතරය පියවමින්, අපගේ සිසුන්ට සහ ප්‍රජාවට නවීන ඩිජිටල් කුසලතා සහ අනාගතයට ගැළපෙන අවස්ථාවන් සමීප කිරීම සමඟ Heyon Institute අපගේ අරමුණයි.

මුළු දිවයින පුරා ප්‍රතිලාභීන් මිලියනයක් කරා යන මෙම ඓතිහාසික ගමනේ සක්‍රීය කොටස්කරුවන් වීමට ලැබීම අපට මහත් ගෞරවයකි. සැබවින්ම ඩිජිටල් ලෙස සවිබල ගැන්වුණු ශ්‍රී ලංකාවක් උදෙසා අපි එක්ව ඉදිරියට යමු! 🚀💻

Tags:

Categories:

No Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WhatsApp